රජයේ විදුලි වැටේ වැදී සද්ධන්තයෙකු මෙලොව හැර යයි

elephant-road

රජයේ විදුලි වැටේ වැදී සද්ධන්තයෙකු මෙලොව හැර යයි

හොරොව්පොතාන ප්‍රාදේශීය ⁣ලේකම් කොට්ඨාසයේ 153 දෑකැතිපොතාන ග්‍රාම නිලධාරි වසමේ දෑකැතිපොතාන වැව ඉස්මත්තේ ඉදිකර ඇති රජයේ අලිවැටෙන් විදුලිය වැදී වයස අවුරුදු 20-25 අතර අඩි නමයක් පමන වන පිරිමි වන අලියකු මියගොස් ඇතැයි හොරොව්පතාන වනජිවි නිළධාරින් පවසති.

හොරොව්පතාන රක්ෂිතය තුල ගැවෙසෙන මෙම වන අලියා පසු ගිය (21) අලුයම් කාලයේ
කෑම සොයා ගම්වදින අවස්ථාවේ මෙලෙස විදුලි වැටේ වැදිමෙන් පසු විදුලි සැර වැදීමෙන් මිය යන්නට ඇතැයි වනජිවි නිළධාරින් සැක පලකරයි.

මෙම විදුලි වැට කහටගස්දිගිලිය මීමින්නාවල ප්‍රදේශයෙන් ආරම්භ වී හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වස්සල්ලාගම දක්වා දෑකැතිපොතාන, කිඹුල්පැටියාව, වස්සල්ලාගම ගම් ඇතුලු ගම්මාන කිහිපයක් ආවරණය වෙන පරිදි
රජයේ මුදල් ප්‍රතිපාදන අනුව පුද්ගලික අංශයේ කොන්ත්‍රාත් සමාගමක් මගින් මිට මාස කිහිපයකට පෙර ඉදිකර ඇති බව වාර්තාවේයි.

මිය ගිය වන අලයාගේ පශ්චාත් මරණ හෙට (23) අනුරාධපුර පණ්ඩුලගම පසුවෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතව ඇති අතර.

වන අලියා මිය යාම වැඩිදුර පරීක්ෂණ හොරොව්පතාන මොටගෝනාව වනජීවී නිලධාරී කාර්යාලය හා හොරොව්පොතාන පොලිසිය මගින් සිදු කරනු ලබයි.