රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
දෙමළ ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට සංවේදී නොවිය හැකි වුවද, ඔවුන්ගේ වේදනාව තමන්ට දැනෙන බවද, රටේ ප්‍රධාන භාෂා දෙකක් ඇති බැවින් රාජ්‍යයත් සමඟ තමන්ගේ භාෂාවෙන් ගනුදෙනු කිරීමේ අයිතිය දෙමළ පුරවැසියන්ට තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
දෙමළ ජනතාවගේ ප්රශ්නය සැබවින්ම කල්පනා කරන උතුරේ නායකයන්ට, උතුරේ දේශපාලන ප්රශ්නය විසඳීමේ දේශපාලනයකට ජාතික ජන බලවේගය සමඟ එක් වෙන ලෙස ආරාධනා කර සිටින බවයි ඊයේ (05) යාපනයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.
නව දේශපාලන පරිවර්තනයක් තුළින් උතුරේත්, දකුණේත්, නැගෙනහිරත් සියලු ජනයා නියෝජනය කරන ආණ්ඩුවක් සෑදීමට එක්වන ලෙස සැමට ආරාධනා කර සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම ජන හමුව සඳහා දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද සහභාගී වී තිබෙනවා.