සටහන: නිරාශා පියවදනි
මහ මග අයිනේ අතොරක් නැතිව බලා සිටි මේ ඇස් අපිව නතර කරන්නට සමත් වුණා. ඒත් අපිට ඕන වුණේ ගං වතුරෙන් විපතට පත් කළුතර වැසියන් රැදී සිටින කදවුරු සොයා ගිය ගමනට මං සලකුණු අසා ගන්නට. ඔවුන් අප කරා දිව ආවේ දරා ගත නොහැකි කුසගින්න නිවා ගන්න මං සලකුණු සොයා ගන්නට.
එ් නිසාම මේ හමුව කුතුහලයෙන් අනූන හමුවීමක් වුණා.
“අපි මේ බැලුවෙ සහනාධාර දෙන්න ආපු කට්ටියක්ද කියලා. උදේ ඉදන් පාරට වෙලා බලන් ඉන්නෙ බඩගින්න නිසා. අපේ ගම් ගංවතුරෙන් යට වෙලා අද තමයි වතුර බැහැලා ගිහින් පාරට එන්න පුළුවන් වුණේ. මේ වෙනතුරු ග්‍රාමසේවකවත් වෙන කිසිම කෙනෙක් අපේ ගමට ආවෙ නැහැ. ”
එතන සිටි එක අම්මා කෙනෙක් හඩ අවධි කළේ එහෙම. ඇය නූර්දා.
“මොකක්ද මේ ගම? ලිස්ටින් වත්ත”
“ඒ කිවුවෙ? අලුකෙටිය තමයි ගමේ නම. අපි ඉන්න වත්තට කියන්නෙ ලිස්ටින් වත්ත.
පාරෙ ආධාර බෙදාගෙන යන අය මෙහෙම ගමක් තියනවද කියලවත් දන්නෙ නෑ.. තවත් මව්වරුන් දෙනෙකු එක්කාසු කරගෙන මහ පාර අයිනට වී බලා හිටි කතාන්දරය හෙළි කළේ එහෙම. ඇය කියපු විදියට ඒ ගම විතරක් නෙවෙයි ඇගේ ගම ළගින්ම ගලාගෙන යන කළු ගගෙන් එහා පැත්තෙ තියන කූල්ගා ගමටත් සිද්ධ වෙලා තිබුණෙ මේ ඉරණමමයි.”
මෙවර ගංවතුර තත්ත්වයෙන් වැඩිම ආපදාවට මුහුණ දුන් දිස්ත්‍රික්ක අතරින් කළුතර දිස්ත්‍රික්කයට හිමි වුණේ මුල්තැනක්. ඒත් කළුතර බුලත්සිංහල ප්‍රෙද්ශයේ පිහිටලා තියන මේ ගම්මාන දෙකට පින්වත් බලධාරීන්ගේ ඇස් යොමු වෙලා තිබුණෙ නැහැ. මාධ්‍යෙය් උකුසු ඇස්වලටවත් හසු නොවී ඔවුන් හුදකලා වී සිටි හැටි පුදුමසහගතයි.
කූල්ගා? ඔව් ඒ ගමානයේ නමනම් ඔබට වගේම මටත් ඉතාම නුහුරුයි. ඒ නුහුරුකම නිසාම වෙන්නඇති මේ අපේම අය මේ විදියට මගහැරෙන්න ඇත්තෙ.
කූල්ගා ගම්මානයේ සුබේදා හොරණ තක්ෂිලා විද්‍යාලයේ පුස්තකාලයේ සේවයේ නියුතු යෞවනියක්. ඇය තමන් මුහුණ දීපු ගංවතුර අත්දැකීම විස්තර කළේ මෙහෙම.
“ගංවතුර ආපු වෙලාවෙත් අපිට පිහිට වෙන්න කිසි කිනෙක් හිටියෙ නැහැ. අපි අපිම එකතු වෙලා ගමේ තිබුණු කැඩුණු බෝට්ටුවකින් කූල්ගා බංගලාවට ගිහින් බේරුණා. ඒත් මේ වෙනකන් වගකිවයුතු කිසිම කෙනෙක් අපිට වචනෙකින්වත් පිහිටක් වෙන්න ආවෙ නැහැ. මීඩියා වලින් මේ අපේ ගමට ආපු පළවෙනි වතාව.
අපිම ගිහින් ආධාර ඉල්ලුවා. ඔයාලට වැඩිය හානි වුණු අය ඉන්නවා ඒ නිසා කිසිම ආධාරයක් දෙන්න බෑ කියලා කිව්වා. අපේ ගමේ ගෙවල් දෙකක් කැඩී ගිහින් විනාස වෙලා. පින් සිද්ධ වෙනවා කාටහරි පුළුවන්නම් විපතට පත් වුණු අපේ ගමේ අයට උදව් උපකාර කරන්න. “
ගංවතුර දැන් බැස ගිහින්. වතුරට යට වුණු ගෙවල් සහ ජනතාව දුටු සැණින්ම හදවත් උණු වෙලා ගිහින් ආධාර බෙදන්න යුහුසුළු වෙන්නෙ ශ්‍රී ලාංකිකත්වයේ තවමත් මැරිලා නැති මනුෂ්‍යත්වය නිසා වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ජනතාව විසින්ම දුක් මහන්සියෙන් එක්රැස් කරලා ලබා දීපු ආධාර නිසි සැලසුමක් ඇතුව ආපදාවට පත් වුණු ජනතාව අතට පත් වුණාද?
ඒකට හරියටම උත්තර දෙන්න පුළුවන් ගංවතුරෙන් සැබෑවටම පීඩාවට පත් වුණු අයට විතරයි. වසර 15ක් පුරා ගංවතුර තත්ත්වයෙන් බැට කෑ කොළඹ ප්‍රෙද්ශයේ වැසියෙක් ගංවතුර ගැන ආරංචිය කණ වැකුණු සැණින් අපිව සම්බන්ධ කරගෙන කියූ මේ කතාව කූල්ගා සහ අලුකෙටිය ගම් වැසියන්ගේ කතාව වඩාත් සනාථ කරනවා.
“වතුර දැක්ක ගමන් මිනිස්සු හිත උණු වෙලා ආධාර අරගෙන දුවනවා. ඒත් ඒ කාටවත් හිතෙන්නෙ නෑ වතුරට යට වෙලා ඉන්න මිනිස්සු කොහොමද මේ ආධාර අරන් තියා ගන්නෙ කියලා.
ලොරිවල පටවගෙන යන ආධාර වැඩි හරියක් යන්නෙ ගේ ඉස්සරහින්වත් වතුර පාරක් ගියෙ නැති පාර දෙපැත්තෙ ඉන්න ජනතාවට. ඒ අය දුවගෙන ඇවිත් බෙදන ආධාර ඩැහැ ගන්නවා. කෑම බීම වතුර බෙදුවට කමක් නැහැ. අනිත් කල් තියා ගන්න පුළුවන් වියළි ආහාර වෙනත් ආධාර මේ ගං වතුර බැහැලා යනකන් ඉවසීමෙන් ප්‍රෙව්ශම් කරලා තියා ගන්න. වතුර බැහැලා ගිහින් පාරවල් පැහැදිලි වුණාම පහසුවෙන් වාහනේකින් ගිහින් මේ අයගෙ අතටම දෙන්න. බෝට්ටුවකින් යනවට වඩා ආදාර බෙදන අයටත් පහසු ඒ ක්‍රමය. ඒත් බෝට්ටුවකින් ගිහින් අමාරුවෙන් ඒ අයට දෙන්න උත්සහ කරන්නයි වැඩි පිරිසකට ඕන. ඒකට හේතුව ආධාර බෙදන බොහොමයක් අයට ගංවතුරෙන් පීඩා විදීමේ නියම අත්දැකීම නැහැ. ඒත් මේ බෙදන ආධාරවල සැබෑ අවශ්‍යතාව මතු වෙන්නෙ ගංවතුර බැහැලා ගිහින් ගේ දොර විනාශ වුණු මිනිස්සු වැලේ වැල් නැතුව ආයෙ ජීවිතේ නැගිටින්න උත්සහ කරනකොට..ඒත් එතකොට කිසිම දෙයක් ඒ අයට ඉතුරු වෙලා නැහැ.
ඒ වගේම දෙන ආධාරයක් අතරමැදියන්ට නොදී විපතට පත් වුණු ජනතාව අතටම දෙන්න පුළුවන්නම් වටිනාකම කියලා නිම කරන්න බැහැ.”
මේ ශෝකාලාපය ඇසෙන්නේ කළුතරින් පමණක් නොවේ..රත්නපුර මාතර තෙලිජ්ජවිල ගාල්ල යන දිස්ත්‍රික්කවලින්ද මෙවන් ඛේදනීය පුවත් රැසක් අපිට වාර්තා වුණා.
කුල්ගා සහ අලුකෙටිය ගමේ වැසියන් අයැද සිටින්නේ දහසින් බැදි පියලි නොවේ..නැගී සිටින්නට ශක්තියක් පමණි…තවමත් ආධර බෙදන පිරිස් සිටියිනම් ඔබේ කාරුණික නෙත් මේ සැගවුණු ගම් වැසියන් වෙත යොමු කරන්න.
Subedha – 0772635856 (කූල්ගා ගම්මානය)
Darshani –0771144947 (අලුකෙටිය ගම්මානය)