අසත්‍ය ප්රචාරයන්ට සහ කටකතාවලට නොරැවටෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
යම් ආපදා තත්ත්වයක් ඇත්නම් අදාළ තාක්ෂණික ආයතන සමඟ එක්ව ආපදා කළනාකරණ මධ්‍යාස්ථානය නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිළි මහතා සඳහන් කළේය.
සුනාමි අවදානමක් ඇති බවට පැතිරුණු අසත්‍ය කටකතාවක් හේතුවෙන් අද(05) පෙරවරුවේ හික්කඩුව ප්‍රදේශයේ වෙරළබඩ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් පැවැති බවට වාර්තා වූ බව ඔහු මෙහිදී කියා සිටියේය.
කෙසේවෙතත් එවැනි යම් ප්‍රචාරයක් පිළිබඳව නිවැරදිව දැන ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය අමතන ලෙස ද ප්‍රදීප් කොඩිපිළි මහතා ජනතාවට දැනුම් දෙයි.

