බාල වයස් දැරියක් අපයෝජනය කළ වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙකුට වසර දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් .
නානුඔය පොලිස් බල ප්රදේශයේදී පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී නුවරඑළිය මහාධිකරණයේ නඩු පවරා තිබූ (වයස අවු :52) හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.
මෙම තීන්දුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් (2014.03.13) දින ප්රකාශයට පත් කරන ලදී.
පසුගිය 2011 වසරේ නානුඔය ප්රදේශයේ ෆාරුක් මොහොමඩ් සාලිඩ් නැමැත්තා එම ප්රදේශයේම වයස අවුරුදු 16ට අඩු පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීම සම්භන්දව දැරියගේ දෙමාපියන් විසින් නානුඔය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත උක්ත නඩිව නුවරඑළිය මහ අධිකරණයේ ගොණුකර ඇත ,
වසර 13ක කාලයක් සිදු කල නඩු විභායන් අනුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විත්තිකරුට එරෙහි ලැබුන සාක්ෂි මත ෆාරුක් මොහොමඩ් සාලිඩ් (අවුරුදු 52) නමැති පුද්ගලයාට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
ඒ සමඟම සිද්ධියෙන් අගතියට පත් වූ දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවිය යුතු බවට තීන්දු කළ විනිසුරුවරයා මෙම මුදල වින්දිත කාන්තාවට නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිර දඬුවමක් විඳීමට සිදුවන බවද තීන්දුවේ සඳහන් කළේය.
එසේම විත්තිකරුට රුපියල් 15,000 ක දඩ මුදලක් අධිකරණයට ගෙවන ලෙසට නියම කළ විනිසුරුවරයා එම දඬුවම නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඬුවම් විඳීමට සිදුවන බවද නියම කළේය.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

