හිටපු ජනපති ගෝඨාභය සිනමාවට

gotabaya-returns

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‌ ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය වාර්තාමය චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනය කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ ඔහුගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ එරන්ද ගිනිගේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

Netflix සිනමා පටය නිර්මාණය කිරීම වෙනුවෙන් වන සාකච්ඡා කෘතිය නිකුත් කිරීමට පෙර ආරම්භ කළ බවයි, ඔහු අනාවරණ කළේ.

කෙසේ වෙතත් ඊට පෙර ”ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමැති කෘතිය නිකුත් කළ බවද එරන්ද ගිනිගේ මහතා කියා සිටියා.

මේ පිළිබඳව කෘතියක් රචනා කරන ලෙසට බොහෝ පාර්ශව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය කාලයේ පැවැති ආණ්ඩු විරෝධී විරෝධතා සම්බන්ධයෙන් බොහෝ අය කෘති රචනා කළද අදාළ සිදුවීමට කෙලින් මුහුණ දුන් පුද්ගලයාගේ සටහන වටිනා බවත් එම නිසාමෙය සියලු දෙනා කියවිය යුතු බවත් එරන්ද ගිනිගේ මහතා අවධාරණය කරනවා.

ඉන් ගෝඨාභය රජපක්ෂ නමැති පුද්ගලයාගේ චරිතය හඳුනාගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.