*** 04.03.2024 ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය සතොසෙන් පෝෂන මල්ලේ බඩු ගන්නවනම් සතොසෙන් දෙන කුණු ගොඩකුත් ගන්න එක අනිවාර්‍යයි .
රජයෙන් ගර්භනී මව්වරුන්ට හා අඩු ආදායම් ලාභී කිරි දෙන මව්වරුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයෙන් ලබාදෙන පෝෂන මල්ල සදහා භාණ්ඩ ලබා ගැනීමට නුවරඑළිය සතොට ශාඛාවට යන මව්වරුන්ට තැලී පොඩිවී භාවිතයට නොසුදුසු රුපියල් පන්සියයක් වටිනා බිස්කට් පැකට් අනිවාර්යෙන් මිලදී ගත යුතු බව පවසා බලහත්කාරයෙන් බිලට එකතු කරන බව ගර්භනී මව්වරුන් හා ඔහු නියෝජනය කරමින් භාණ්ඩ ලබා ගැනීමට යන අයවලුන් චෝදනා නගති ,
මෙම චෝදනාව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගෙන් අප කළ විමසමකට ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා වගකිවයුතු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ,
වැඩිදුර අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේද කීය ,
ගර්භනී මව්වරුන්ට සහ අඩු ආදායම්ලාභී කිරිදෙන මවුවරුන් සඳහා රජයෙන් පෝෂණ මල්ලක් ලබාදෙන්නේ ඔවුන්ගේ පෝෂණ ඕනතාවයන් සපුරන්න එම වව්චරයින් ලබා ගන්න පුළුවන් වන්නේ පෝෂණයට අවශ්‍ය කරන බඩු බාහිරාදිය පමණයි ,
මහජනතාව චෝදනා නගන ආකාරයට සතොසින් බිස්කට් ලබාදීම සපුරා වැරදියි එහෙම තිබියදී බලහත්කාරයෙන් මේ ගන්නම ඕන කියලා ලබා දෙනවා නම් එය ව්‍යාපෘතියයේ නීතියට පටහැනි කරුණක් මේ ගැන කඩිනමින් සොයා බලලා ඩිසි ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා යනුවෙන් එතම පැවසීය.

