හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට චෝදනා කරමින්.
අනතුර සිදුවූ ආකාරය සහ රියදුරාගේ හැසිිරීම සම්බන්ධයෙන් සැක සහිත බව බිරිඳ පවසා තිබෙනවා.
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන ලෙස යි.