Online Safety පනතේ අරමුණ ආණ්ඩු විරෝධී posts ටික අයින් කරලා දාන එක – හර්ෂ

harsha-de-silva-public-finance

ඊයේ (01) සිට බලාත්මක කරන ලද Online Safety පනතේ අරමුණ වන්නේ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය සටහන් මර්දනය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව ඒවා සමාජ මාධ්‍ය වෙත එක්කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම එහි අරමුණ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම පනත හරහා සමාජ මාධ්‍යයේ පළ වන දෑ අතුරින් සත්‍ය කුමක්ද, අසත්‍ය කුමක්ද යන්න තීරණය කරන්නේ ආණ්ඩුව බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.