වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතර තරගය පැවති තරගයෙන් ලකුණු 77 ක ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව කාසියේ වාසිය දිනාගත් නැමීබියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 38 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 133 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපුන් වඩුගේ නොදැවී ලකුණු 56 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 20 සීමාවට හෝ පැමිණිමට නොහැකි වුණා.
පන්දු යැවීමේදී නැමීබියා කණ්ඩායම වෙනුවෙන් Zacheo van Vuuren කඩුලු 4 ක් හා Johannes de Villiers කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නැමීබියා කණ්ඩායමට පන්දුවාර 27 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 56 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ළහිරු හා රුවිෂාන් පෙරේරා කඩුලු 3 බැඟින් සහ දිනුර කලුපහන කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

