SL vs ZIM : කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායම​ට

srilanka-vs-zim-wup-new-archived

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය අද (11) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ අද තරඟයෙන් විවේක ගන්වා තිබෙනවා.

ඔවුන් වෙනුවට වනිඳු හසරංග සහ අද මංගල තරඟයට ක්‍රීඩාකරන ෂෙවෝන් ඩැනියෙල් කණ්ඩායමට එකතු කර තිබෙනවා.