SL vs Zim : පළමු එක්දින තරගය අද

srilanka-vs-zim-wup-new-archived

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (06) ආරම්භ වනවා.

ඒ අනුව එහි පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 02.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර, සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රෙග් අර්වින් විසින් මෙහෙයවනවා.

සිම්බාබ්වේ තරගාවලිය එක්දින තරග 03කින් සහ 20-20 තරග 03කින්  සමන්විතයි.