මෙරට නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබෙන බව මහ බැංකුව නිවේදනය කරනවා.
ඒ අනුව 2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙයට චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය පහසුකම ද ඇතුළත් වන අතර, එය භාවිතා කිරීම යම් කොන්දේසිවලට යටත් වනවා.

