අධික වර්ෂාව නිසා මැදිරිගිරියේ කුඹුරු අක්කර 1000 ක් විනාශයි

kuburu-dry

දින ගණනාවක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුරු අක්කර 1000 ක් පමණ විනාශ වී තිබෙනවා.

පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, මින්නේරිය හා මොරගහකන්ද යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා කුඹුරු ජලයෙන් යටවීමෙන් මෙසේ ගොයම විනාශ වී ඇති බවයි ගොවියන් පවසන්නේ.