ලක්ෂපාන සමනලවැව සහ කොත්මලේ විදුලි බලාගාර යළි සක්‍රීය කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම කොළඹ සහ ඒ අවට ඇති සියලුම රෝහල්වල විදුලි සැපයුමද යථා තත්ත්වයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

