මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසනවා.
පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.
පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට නිලධාරීන් කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි එසැණ වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

