ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක්

dengue

වැසි සමයත් සමඟ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කොළඹ, ගම්පහ, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් සිදුව ඇති බව ද මෙහිදී අනාවරණය කෙරුණු අතර රාජ්‍ය ආයතන, බෝට්ටු අංගන, පාසල්, ඇතුළු පොදු ස්ථානවල වාහක අභිජනනය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවද සඳහන්වී තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව කඩිනම් ක්‍රියාමාර්ගවලට එළැඹෙන ලෙස සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා පොලීසිය වෙත උපදෙස් දුන් අතර රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ රාජ්‍ය ආයතන දැනුවත් කරමින් ජනාධිපති කාර්යාලය මඟින් ලිපියක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65703f37bbacapdf_page_0