දරුවන් දෙන්නෙක් ගැට ගසා දමලා මව අනෙක් දරුවා රැගෙන සිගමනේ ගිහින්

abuse-title-image_tcm7-193913

කතරගම, නාගහවීදීය යාල වන උද්‍යානයට ආසන්න ප්‍රදේශයක දීර්ඝ කාලයක සිට එළිමහනේ ගසක හා කොන්ක්‍රීට් කනුවක ගැටගසා සිටි ළමුන් දෙදෙනෙකු සොයාගෙන තිබේ.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන්ට ලැබුණු තොරතුරක් මත කතරගම පොලීසිය සමඟ එක්ව එම ප්‍රදේශය වෙත ගොස් මෙම ළමුන් දෙදෙනා සොයාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

වයස අවුරුදු 9 ක් පමණ වන පිරිමි දරුවා කොන්ක්‍රීට් කණුවක ගැටගසා තිබී ඇති අතර වයස අවුරුදු 17 ක් පමණ වන ගැහැණු දරුවාගේ අත් ගසක ගැටගසා තිබූ බව සඳහන්වේ.

මෙම දරුවන්ගේ පියා මියගොස් ඇති බවත් මව තවත් ආබාධිත දරුවෙකු සමඟ කතරගම පූජා භූමියේ සිගමන් යදිමින් සිටින බවත් අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ වසර ගණනාවක් පුරා මෙම දරුවන් දෙදෙනා මෙලෙස ගැට ගසා මව අනෙක් දරුවා සමඟ  සිගමන් යැදීමට යන බවය.

සෑම දිනකම පස්වරුවේ බීමතින් පැමිණෙන මව දරුවන්ට පහර දෙන බව ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබේ.

සිද්ධියට අදාළ මව  සහ දරුවන් තිදෙනා ද පොලීසිය වෙත රැගෙන ගිය බව දේශීය මාධ්‍ය වාර්තාවලින් අනාවරණය විය.