ජනක රත්නායකට මරණ තර්ජන කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසීය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 42 හැවරිදි සැකකරුවෙක් වන අතර සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.