ICC CWC 2023 : ඔස්ට්‍රේලියාවට ලකුණු 307 ක ඉලක්කයක්

ICC CWC 2023

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 43 වන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා බංගලිදේශ කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 50 ක් තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී Towhid Hridoy ලකුණු 74ක්, Najmul Hossain Shanto ලකුණු 45 ක් හා Litton Das, Tanzid Hasan දෙදෙනා ලකුණු 36 බැගින්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Sean Abbott හා Adam Zampa කඩුලු 2 බැගින්ද, Marcus Stoinis එක් කඩුල්ලක්ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 307 ක්.