ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලයි

sri-lanka-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලද දැවැත්ත පරාජය සම්බන්ධයෙන් පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ක්‍රිකට් ආයතනය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ, මෑත කාලීන සමස්ත දක්‍ෂතා සහ පරාජයන් කණ්ඩායමේ සූදානම, උපාය මාර්ග සහ දක්‍ෂතා පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු කර ඇති බවයි.
පුහුණු කාර්ය මණ්ඩලයේ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත්තේ මෙම පරාජයට හේතු සොයා ගැනීමට සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම අරමුණු කර ගෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.