පුළුවන්නම් රනිල් එන්න කුරුණෑගල ඉස්කෝලෙකට, අපි ගලවනවා කලිසම – ගුරු සංගමයේ උප සභාපති

ma-wimalarisi

තවදුරටත් මැර බලයට සහ යටත් කිරීම්වලට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සූදානම් නොමැති බව ලංකා ගුරු සංගමයේ සංගමයේ උප සභාපති එම්.ඒ. විමලසිරි පවසනවා.

ජනාධිපතිවරයා මඩකලපුව ප්‍රදේශයේ අහිංසක දරුවන් සිටින පාසලක් වෙත ගොස් බෙදුම්වාදය සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා පවත්වන බවද, ඒ පිළිබඳ ලැජ්ජාවන බවද ඔහු සඳහන් කරනවා.

එම නිසා මින් පසු කිසිඳු පාසලකට ඇතුළු වීමට ජනාධිපතිවරයාට ඉඩ නොදෙන බවද, හැකිනම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඕනෑම පාසලකට පැමිණ පෙන්වන ලෙසද ඔහු අභියෝග කරනවා.

පසුගිය 24 වනදා බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය අසලට රැස්වූ ගුරු විදුහල්පතිවරුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාර හෙළා දැකීම සඳහා, ඉබ්බාගමුව නගරයේ ගුරුවර ගුරුවරියන් විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතරතුර ඔහු මේ බව සඳහන් කළා.