විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 8 දක්වා කල් තැබේ

court-2

රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 8 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

විත්තිකාර විමල් වීරවංශ අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කරුණු සලකා බැලූ විනිසුරුවරයා එදිනට විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.