SL vs ENG : ශ්‍රී ලංකාව ලකුණු 156 කට එංගලන්තයේ කඩුළු සියල්​ල බිඳ හෙළයි

srilanka-cricket-team-nn

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 25 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 33 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Ben Stokes ලකුණු 43 ක් හා Jonny Bairstow ලකුණු 30 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත කඩුලු 2 බැඟින් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 157 ක්.