වසරේ ගතවූ කාලය තුළ මාර්ග අනතුරුවලින් ළමුන් 115 ක් මරුට

accident

මාර්ග අනතුරුවලින් වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ළමුන් 115 ක් මියගොස් ඇති බව රථවාහන පොලීසිය පවසනවා.
ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා මෙම මරණ වාර්තා වී ඇති බවයි රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේ.
2022 වසරේ සිදුවූ අනතුරුවලින් ළමුන් 129 ක් මියගොස් ඇති අතර යතුරු පැදිවලින් දරුවන් රැගෙන යාමේදී දරුවන්ට හිස් ආවරණ නොපැළඳවීම මඟින් දරුවන්ගේ හිස වැදීමෙන් අනතුරු බොහෝමයක් සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.