විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (25) රාත්‍රියේ ද මහජන විරෝධතා පවත්වා තිබෙනවා.
ඔරුගොඩවත්ත, දිගන, තලගහ, නිකවැරටිය, නාවලපිටිය, බලපිටිය, යන ප්‍රදේශවල සමගි ජන බලවේගය විසින් විරෝධතා සංවිධානය කර තිබුණා.
එසේම මැණික්හින්න, මීරිගම, මීගමුව, ගම්පොල, පොළොන්නරුව, යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය විසින්ද විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි විරෝධතා සංවිධානය කර තිබූණා.

