සමනල වැව ජලාශය මත පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

0.11822800_1543828767_solar

සමනල වැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා කැමති ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

6538ee4a79d1c