ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් සහ මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන පුද්ගලයින්ගේ නම් මෙලෙස ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඉවත් කිරීම සිදුකර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්.


