හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරටට අයත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවාවට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී මෙම යාත්‍රාව නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

