විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්රදේශ කිහිපයක ඊයේ (22) රාත්රියේ විරෝධතා පවත්වා තිබෙනවා.
ඒ අනුව පානදුර, අම්බලන්තොට, අනුරාධපුර, තලවකැලේ, යක්කල, මහනුවර, උඩුගම හා පේරාදෙණිය හන්දිය යන ප්රදේශවල ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

