සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලක් මගින් ලබාගැනීමට අද (19) අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව සැකකාර හරක් කටාට ඔහු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම්කරන නිලධාරියෙකු හරහා අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලෙන් ලබාගැනීමට අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

