ආසියානු පැරා මළ​ල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

asian-para-games

ආසියානු ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැත්වෙන 04 වන පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙක් ඇතුළත් අතර මෙම කණ්ඩායමේ නායකත්වය දිනේෂ් ප්‍රියන්ත විසින් දරණු ලබනවා.

මෙම තරගාවලිය එළඹෙන 22 වනදා සිට 28  දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මළල ක්‍රීඩා , ටේබල් ටෙනිස් , පිහිනුම් , බැට්මින්ටන් ඇතුළු ක්‍රීඩා ඉසව් කිහිපයක් සදහා සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.