මීතොටමුල්ල ෙඛ්දවාචකෙයන් පවුල් 180ක පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්

meethotamulla 3

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීම හේතුවෙන් පවුල් 180ක පුද්ගලයින් 625 දෙනෙකු අවතැන් වී ඇති බව පොලීසිය පවසයි.

අවතැන් වූ පුද්ගලයින්ට මේ වන විට කෙළොන්නාව ටෙරන්ස් ද සිල්වා පාසලේ සහ අවට ප්‍රජා ශාලාවල්වල නවාතැන් පහසුකම් සලසා ඇති බව සඳහන්ය.

එමෙන්ම තවදුරටත් අවතැන් වී ඇති පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඔවුන්ට සහන සැලසීම සඳහා සියලු කටයුතු ක්‍රියාත්මක බව රජය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය ත්‍රිවිද හමුදාව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර අදාළ සිද්ධියෙන් මිය ගිය ගණන 11 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.

මිය ගිය පිරිස අතර කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු පිරිමින් සිව්දෙනෙකු හා කාන්තාවන් හය දෙනෙකු වන බව සඳහන්ය.

සිද්ධියෙන් තුවාල ලැබූවන් 07 දෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.