එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගනිමින් එංගලන්තයට එරෙහිව ඕනෑම තරග රටාවකින් තමන් ඉතිහාසයේ ලැබූ පළමු තරගාවලි ජය වාර්තා කිරීමට සංචාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ්රී ලංකාව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116 ක් පමණයි.
පන්දු යැවීමේ චමරි අතපත්තු ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා.උදේශිකා ප්රබෝදනී හා කවීෂා දිල්හාරි ලකුණු 16 බැගින් ලබා දෙමින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාව පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.
චමරි පන්දු 28 කින් ලකුණු 44 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්රම නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා.
එංගලන්තය පරදා ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලි ජයක්
-
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….
Read more >> -
පැතුම්ට IPL වරම්….
Read more >> -
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….
Read more >> -
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
Read more >> -
ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….
Read more >> -
IPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්….
Read more >> -
T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්….
Read more >> -
වික්රම් රතෝර් ශ්රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….
Read more >> -
ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >> -
පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…
Read more >>

