එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගනිමින් එංගලන්තයට එරෙහිව ඕනෑම තරග රටාවකින් තමන් ඉතිහාසයේ ලැබූ පළමු තරගාවලි ජය වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116 ක් පමණයි.
පන්දු යැවීමේ චමරි අතපත්තු ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා.උදේශිකා ප්රබෝදනී හා කවීෂා දිල්හාරි ලකුණු 16 බැගින් ලබා දෙමින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
චමරි පන්දු 28 කින් ලකුණු 44 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා.
එංගලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලි ජයක්
-
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..
Read more >> -
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….
Read more >> -
ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….
Read more >> -
තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….
Read more >> -
ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..
Read more >> -
වසර 27කින් කළ නොහැකි වූ දස්කමක් කළ දකුණු අප්‍රිකාව….
Read more >> -
වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….
Read more >> -
යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….
Read more >> -
රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..
Read more >> -
යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි……
Read more >>

