පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව, ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
රජය නව සත්‍ය සෙවීමේ යාන්ත්රනයක් යෝජනා කළද, සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර වරදකරුවන්ට දඬුවම් ලබාදීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක් ලබාදීමට සියලුදෙනා කැපවිය යුතු බවත්, ඒවා ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අධිෂ්ඨානයක් තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
මහජන විරෝධතාවලින් බලාපොරොත්තු වූ ආකාරයේ ශ්‍රී ලංකා පාලන තන්ත්රයේ පරිවර්තනයක් සිදුව නොමැති බවත්, මේ නිසා දිගු කලක සිට පවතින අභියෝගවලට විසඳුම් සැපයීම තවදුරටත් පමා වන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
ශ්‍රී ලංකාව අඛණ්ඩව වගවීමකින් තොරව කටයුතු කරමින් සිටින බවද, මෑත කාලීනව මානව හිමිකම් උල්ලංඝණය හා අනිසි ලෙස බලය භාවිතා කිරීම රට තුළ දැකගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – මානව හිමිකම් කොමිසම
-
දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන……
Read more >> -
ඉන්දියානු මහකොමසාරිස්වරයා මහියංගනයට…..
Read more >> -
තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්…..
Read more >> -
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි…..
Read more >> -
මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට….
Read more >> -
ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි….
Read more >> -
මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >> -
විජේදාසට නිදහස් පක්ෂයෙන් ලැබෙන අලුත්ම තනතුර…..
Read more >> -
ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි….
Read more >> -
ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….
Read more >>

