බිම්පුත් ෆිනෑන්ස් PLC බලපත්‍රය අවලංගු කෙරේ

bimputh

මූල්‍ය ව්‍යාපාර කරගෙන යාමට මුදල් ව්‍යාපාර පනත යටතේ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය එම පනතේ ප්‍රතිපාදනයන් සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩවම කඩ කරමින් / පටහැනි ලෙස කටයුතු කර ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
එහි ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රාග්ධන ඌණතාවය, වත්කම් වල අඩු ගුණාත්මක මට්ටම හා අඛණ්ඩ අලාභ ලැබීම හේතුකොට ගෙන සමාගමේ මූල්‍ය තත්ත්වය පරිහානියට පත් වී තිබෙනවා.
ඒ අනුව, බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හට අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ව්‍යාපාරවල නිරත වීමට අවසර නෙමැති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

64f1d26b60590pdf_page_0