අද (28) උදෑසන කඳාන දුම්රියපොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක දී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඒ අනුව ලොරියේ බඳ කොටසෙහි දුම්රිය ගැටී ඇති බවයි සඳහන් වන්නේ.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි සඳහන් වන්නේ.

