ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.
එහිදී වෛද්‍ය ජී. විජේසුරියට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

