ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අද (24) එක්වී තිබෙනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම චාරිකාව සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
මෙම චාරිකාවේ දී ක්‍රීඩකයින් රෝහලේ හෘද රෝග වාට්ටු ද නිරීක්ෂණය සදහා එක් වූ අතර ක්‍රීඩකයින්ට අමතරව පුහුණුකරුවන් හා කණ්ඩායම් කලමණාකාරීත්වයද මෙම චාරිකාව සඳහා එක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් ද පරිත්‍යාග කර තිබුණා.


