සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන හීත් ස්ට්‍රික් දිවි ගමනට සමුදෙයි

heath-streak

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු හා පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 49 වන වියේ පසු වූ අතර, පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හීත් ස්ට්‍රික් එරට කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 65 ක් හා එක්දින තරග 189 ක් ක්‍රීඩා කර තිබෙනවා.

සිම්බාබ්වේ වෙනුවෙන් කඩුලු 100 ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන ඔහු 2000 වසරේ සිට 2004 වසර දක්වා සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 4,933 ක් වාර්තා කර ඇති ඔහු කඩුලු 445 ක් දවා ගැනීමට ද සමත් වුණා.