ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝගීවීමට හේතුව බැක්ටීරියා ආසාදනයක් බවට අනාවරණය වෙයි

meningococcal-bacteria

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑම හා තවත් පිරිසක් රෝගීවීමට හේතුව අනාවරණය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසනවා.
ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ meningococcus බැක්ටීරියාව හේතුවෙන් හටගත් meningococcal ආසාදනයක් බව අනාවරණය වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේ.
තවදුරටත් මේ ගැන පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.