ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප වීම ගැන විශේෂ විමර්ශනයක්

galle-prison

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ සියලු රැඳවියන්ට මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්දී ඇති බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ.

හඳුනා නොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර රෝගී වූ 5 ක් රෝහල් ගතකර තිබෙනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කළේ.