ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය, කලපළුවාව, බුත්ගමුව පාරේ පදිංචි සලාහුදීන් මොහොමඩ් නවස්දීන් නැමැති සැකකරු රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා රු 813,000ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, ඒ අනුව මෙම පුද්ගලයා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම පැමිණිල්ලට අමතරව සැකකරුට විරුද්ධව පැමිණිලි 9ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අදාළව ඔහු වංචාකර ඇති මුදල රු 8,390,000 ක් බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැර තිබෙනවා.
විදෙස් රැකියා දෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
-
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්……
Read more >> -
ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි……
Read more >> -
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්……
Read more >> -
මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි……
Read more >> -
පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වය දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අගමැතිනිය කියයි…..
Read more >> -
සාම පාගමන වෙනුවෙන් හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්……
Read more >> -
Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි…..
Read more >> -
චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග……
Read more >> -
නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ……
Read more >> -
දිට්වා නිසා විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ…..
Read more >>

