ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

World-Championships-Athletics

හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකු, රජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන් සහ දිල්හානි ලේකම්ගේ මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.
ලෝක ශූරතා තරගාවලියට මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් හා මීටර් 1500 ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න සුදුසුකම් සැපිරුවද ඔවුන් දෙදෙනාම සහභාගී නොවීමට තීරණය කර තිබෙන බවද සඳහන්.
යුපුන් ආබාධයකට ලක්ව නැවත පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ආසියානු ක්‍රීඩා උළෙලට මූලිකත්වය ලබාදීමට තීරණය කර තිබෙනවා. ගයන්තිකා ද ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර පුහුණුවීම් කිරීමට තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.
හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය 19 වැනි දා ආරම්භ වීමට නියමිතයි.