වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී නියමයන් පැනවිය යුතුයි – වාහන ආනයනකරුවන්ගේ සංගමය

indika-car

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කළේ, 2020 වසරේ එක් වරක් වාහන ආනයනය අත්හිටුවා යළි ට්‍රක් රථ ගෙන ඒමට අවස්ථාව ලබාදුන් බවත් ඒ තුළින් අනිසි ලෙස මිල ඉහළ ගිය බවයි.

ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී නියමයන් පනවා අදාළ ලිහිල් කිරීම් සිදුකළ යුතු බවත් එසේ නොකළ හොත් රටේ මුදල් අනිසි ලෙස නාස්ති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී තම සංගමය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බවත් නියමයන් පැනවීමකින් තොරව සීමා ලිහිල් කිරීම මඟින් වෙන්දේසිවලදී වාහන මිල අනිසි ලෙස ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.