කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නත් සමඟ ඇතිවූ දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3 ක සිසු සිසුවියන් 60කට අධික පිරිසක් රෝගී වී රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කඳාන දැවතොටුපල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක අද උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා.
ගින්න හටගන්නා අවස්ථාවේ එක් පුද්ගලයෙක් පමණක් කර්මාන්ත ශාලාවේ සිට ඇති අතර ගින්නට හසුවීමෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නෙන් පසු එහි දුම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබූ අතර කර්මාන්ත ශාලාවට නුදුරින් පිහිටි පාසල් 3කටද දුම ව්‍යාප්ත වී සිසුන් 60කට අධික පිරිසකට ස්වසන අපහසුතා ඇති වී රාගම රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

