රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඇති බවත් ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අතිරේක විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයා ගන්නා බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ Twitter පණිවිඩය පහතින්.


