අගෝස්තු 15 වනදා සිට දකුණු පළාතට අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීමට විදුලිය මිලදී ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව දකුණු පළාතට විදුලිය මිලදී ගැනීමට ඇත්තේ බලාගාර 3 ක් පමණක් බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් එය සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
පවතින ජල ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළා.

