2023 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ ලකුණු 36 ක්, ශෙවෝන් ඩැනියල් ලකුණු 49 ක්, භානුක රාජපක්ෂ ලකුණු 30 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Tim Seifert ලකුණු 54 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Naseem Shah, රමේෂ් මෙන්ඩිස් හා ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ජයග්රහණය සඳහා Colombo Strikers කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 189 ක්.
ලකුණු පුවරුව පහතින්.


