2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 61 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman හා ඉසුරු උදාන කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව B-Love Kandy කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 157 ක්.
ලකුණු පුවරුව පහතින්.


